• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වියළි කාලගුණික තත්ත්වයන් ඇති වී ඇති ප්‍රදේශවල භූගත ජල සම්පත් සංවර්ධනය සඳහා භූ ජල විද්‍යා සමීක්ෂණ උපකරණ හා විදුම් යන්ත්‍ර ලබා ගැනීම
- ශ්‍රී ලංකාවේ ජල ඉල්ලුම සපුරා ගැනීම සඳහා පොළොව මතු පිට ජල මූලාශ්‍ර මෙන්ම භූගත ජල මූලාශ්‍රද යොදා ගනු ලබයි. දේශගුණ විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා විශේෂයෙන්ම යාපනය, අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල, හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල ජල අවශ්‍යතා සපුරාලීම සඳහා වැඩි වශයෙන් භූගත ජල මූලාශ්‍ර යොදා ගැනීමට සිදු වී තිබේ. ලංකාවේ භූගත ජල සම්පත් සංවර්ධනය සඳහා ඇති ප්‍රමුඛ ආයතනය ජල සම්පත් මණ්ඩලය වන අතර, එම ආයතනය සතු විදුම් යන්ත්‍ර බොහෝමයක් වසර 20කට වඩා පැරණි බැවින් නියඟයෙන් බලපෑමට ලක්වන ප්‍රදේශයන්හි භූගත ජල සම්පත් සංවර්ධනය හා වැඩිදියුණු කිරීම සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමටත්, භූගත ජල මූලාශ්‍ර භාවිතය යම් නියාමනයක් සහිතව සිදු කිරීම සඳහාත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.