• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1981 අංක 75 දරන උක් පර්යේෂණ ආයතනය පනත සංශෝධනය කිරීම
- උක් වගා ක්ෂේත්‍රය තුළ සිදු කරනු ලබන පර්යේෂණයන්ට පහසුකම් සැලසීමේ අරමුණින් 1981 අංක 75 දරන උක් පර්යේෂණ ආයතනය පනත පනවනු ලැබ ඇත. එම පනතෙහි විෂය පථය තවදුරටත් පුළුල් කරමින්, උක් පර්යේෂණ ආයතනයේ කටයුතු පර්යේෂණ කටයුතු සඳහා පමණක් සීමා නොකර එම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ද ව්‍යාප්ත කිරීමට හැකි වන පරිදි උක් පර්යේෂණ ආයතනය පනත සංශෝධනය කිරීම පිණිස වැඩබලන වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.