• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ප්‍රවේශ ද්වාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට යාබද කොළඹ-මීගමුව මාර්ගයේ 18 වන සැතපුම් කණුව ආශ්‍රිත ප්‍රදේශය ප්‍රවාහන, ව්‍යාපාර හා වාණිජ කටයුතු, විවේක හා විනෝදාස්වාද කටයුතු ඇතුළත් වන පරිදි සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඒකාබද්ධ බස්රථ නැවතුම් පොළක් ස්ථාපනය කිරීම, දුම්රිය ස්ථානය වැඩිදියුණු කිරීම, කුලී රථ නැවතුම් පොළ, සංචාරක රථ ගාල, බැංකු සේවා, සිනමා ශාලා, අවන්හල්, විනෝදාස්වාද ජල තීර, සාප්පු සංකීර්ණ ආදී පහසුකම් ස්ථාපිත කිරීමට නියමිතය. ඒ අනුව, යෝජිත 'බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ප්‍රවේශ ද්වාර ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.