• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුවන් නගර සංවර්ධනය සඳහා ඉඩම් ලබාගැනීම
- කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට ආසන්නව පිහිටා ඇති ඒකල ප්‍රදේශය, මෙරට කාර්මික අංශයේ නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙයි. බස්නාහිර කලාප මහානගර සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක කෙරෙන ගුවන් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් උප ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

* අගය එකතු කළ කර්මාන්ත සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම

* කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර(SME) සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම

* වාණිජ හා විනෝදාස්වාද සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම

* මාධ්‍ය නගරය

* මධ්‍යම පාන්තික නිවාස හා පොදු පහසුකම් සේවා

ඉහත සඳහන් උප ව්‍යාපෘති ඇතුළත් මෙම ගුවන් නගර ව්‍යාපෘතිය රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් අක්කර 80ක පමණ ඉඩම් කොටසක්, නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.