• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍යතාන්ත්‍රික, විශේෂ සහ රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුරවැසියන් වීසා අවසරපත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීමට අදාළව ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින මිත්‍රශීලී සබඳතා වැඩිදියුණු කරගැනීමේ අරමුණින්, දෙරටේ සංචාරයන්හි නිරත වන රාජ්‍යතාන්ත්‍රික, විශේෂ සහ රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි, ශ්‍රී ලාංකික හා කටාර් පුරවැසියන් වීසා බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ කටාර් රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.