• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ කොම්පෝස්ට් අංගණය ඉදි කිරීම
- අධික ජනගහනය හා ශීඝ්‍ර කාර්මීකරණය හේතුවෙන් නාගරික ඝන අපද්‍රව්‍ය විශාල වශයෙන් එක්රැස් වන ගම්පහ දිස්ත්‍රික්කය තුළ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදි කිරීමද ඇතුළත්ව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. එම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන ඝන අපද්‍රව්‍ය විධිමත්ව වර්ග කර දිරාපත්වන අපද්‍රව්‍ය යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ද සැලසුම් කර තිබේ.

එහි පළමු පියවර වශයෙන් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වන කාබනික පොහොර නිෂ්පාදන අංගණය කඩිනමින් ඉදි කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.