• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත උදෙසා වඩාත් පහසුකම් සහිත වෛද්‍ය, සායනික හා සත්කාරක සේවාවක් සැපයීම
- හේතුව නිශ්චිතව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 60ක දැනටමත් ව්‍යාප්තව පවතින අතර, අනෙකුත් ප්‍රදේශ දක්වා ද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතී. මෙය ඉතා විශාල ප්‍රජා සෞඛ්‍ය ගැටලුවක්ව ඇති අතර, සමාජ හා ආර්ථික වශයෙන් ද ගැටලු රැසක් නිර්මාණය කර ඇත. එම ප්‍රදේශවල නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ජනතාවගේ යහපත උදෙසා වඩාත් පහසුකම් සහිත වෛද්‍ය, සායනික හා සත්කාරක සේවාවක් (දීර්ඝකාලීන රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාරය, දීර්ඝකාලීන පරිතාන කාන්දුපෙරණ ප්‍රතිකාරය, වකුගඩු බද්ධ කිරීම ආදී) සැපයීම අරමුණු කරගනිමින්, වකුගඩු රෝග නිවාරණ කාර්යසාධන බලකාය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ අදාළ පාර්ශ්වකාරි ආයතනවල මැදිහත්වීම මත, ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතිව, රුපියල් මිලියන 462.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින් පහත සඳහන් ව්‍යාපෘති 03 ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* මහනුවර, වකුගඩු රෝගී සහන සත්කාරක සහ රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය

* අනුරාධපුරය, 'මෙත්සිරි සෙවණ' වකුගඩු රෝගී සහන සත්කාර සහ රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය

* ගිරාඳුරුකෝට්ටේ, වකුගඩු රෝග සම්බන්ධ සමාජ සුබසාධන ආර්ථික සවිබලගැන්වීමේ අධ්‍යාපන හා තොරතුරු කේන්ද්‍රය ඉදි කිරීමේ ව්‍යාපෘතිය