• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත කළමනාකරණ මෘදුකාංග පද්ධතිය වැඩිදියුණු කිරීම
- දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන බහාලුම් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය ක්‍රියාත්මක වන අතර, කලාපයේ අනෙකුත් රටවල් තම වරායන් ප්‍රමුඛ වරායන් බවට පත් කිරීම ඉලක්ක කරගනිමින් සිය පහසුකම් හා ක්‍රියාවලීන් සංවර්ධනය කිරීම හා නවීකරණය සඳහා කටයුතු කරමින් සිටී. මෙම පසුබිම තුළ දැඩි තරගකාරිත්වයකට මුහුණ දීමට කොළඹ වරායට සිදුව ඇති අතර, එහිදී කොළඹ වරාය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙහෙයවනු ලබන ජය බහාලුම් පර්යන්තය (JCT) හා සමඟි බහාලුම් පර්යන්තය (UCT) යන පර්යන්තයන්හි දැනට භාවිත කෙරෙන මෘදුකාංග පද්ධතිය කඩිනමින් යාවත්කාලීන කළ යුතුව ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දැනට භාවිත කරනු ලබන පර්යන්ත කළමනාකරණ මෘදුකාංග පද්ධතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අරමුදල් භාවිත කරමින් වැඩිදියුණු කිරීමටත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස තාක්ෂණික ඇගයීම් කමිටුවක් හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීමටත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.