• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති නාවික තෙල් (MGO) සහ CST ඉන්ධන තෙල් තොග බැහැර කිරීම
- හම්බන්තොට වරාය සඳහා වන අනුග්‍රාහක ගිවිසුමේ විධිවිධාන පරිදි අදාළ හිස් තෙල් ටැංකි කඩිනමින් ලබා දිය යුතු බැවින් හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති මෙට්‍රික් ටොන් 13,500ක් වන නාවික තෙල් (MGO) සහ මෙට්‍රික් ටොන් 628ක් වන IFO - 380 දරණ CST ඉන්ධන තොගය ටෙන්ඩර් කැඳවා බැහැර කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සිදු කර ඇති තරගකාරී මිල ගණන් කැදවීම අනුව තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි එම ඉන්ධන තොගය ඉන්ටර්ඕෂන් එනර්ජි පෞද්ගලික සමාගම වෙත ඇමරිකානු ඩොලර් 3,220,800ක මුදලකට ලබා දීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.