• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කනිෂ්ඨ ශ්‍රේණියේ පොලිස් නිලධාරින්ගේ විවාහක නිල නිවාස ඉදි කිරීම
- කොළඹ 02, කුමාරන් රත්නම් පාරේ පිහිටි කනිෂ්ඨ ශ්‍රේණියේ පොලිස් නිලධාරින්ගේ විවාහක නිල නිවාස ඉදි කිරීම් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 482.4ක බදු රහිත මුදලකට කන්ස්ට්‍රක්ෂන් මැනේජර්ස් ඇන්ඩ් ප්ලැනර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.