• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා වැව් පිළිසකර කිරීම
- 2015/16 වසරවල කරනු ලැබූ සමීක්ෂණයක් අනුව අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින සුළු වාරි කර්මාන්ත 10,497ක් පවතින බව හඳුනාගෙන තිබේ. එම පිළිසකර කිරීම් කඩිනමින් ආරම්භ කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කාර්යමණ්ඩලවල පවතින හිඟය ගැටලුවක් වී තිබේ. මෙයට පිළියමක් ලෙස කඩිනමින් අලුත්වැඩියා කළ යුතු යැයි හඳුනාගෙන ඇති, රුපියල් මිලියන 05කට වඩා පිරිවැයක් දරමින් සිදු කළ යුතු පිළිසකර කිරීම් සඳහා අවශ්‍ය ඉංජිනේරුමය ඇස්තමේන්තු සකස් කිරීම, වැඩබිම් අධීක්ෂණය යනාදී තාක්ෂණික සේවා, ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ඒ සඳහා නියමිත හැකියාවන්, සුදුසුකම් හා අත්දැකීම් ඇති බාහිර ආයතන වෙත පැවරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.