• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩීසල් ජෙනරේටර් 50ක්, ට්‍රාන්ස්ෆෝමර් ඒකක 25ක් හා ඩීසල් ඉන්ධන ටැංකි 25ක් ප්‍රවාහනය කොට සවි කිරීම සඳහා වන ටෙන්ඩරය
- ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ජනනය සිදු කරනු ලැබීමේදී ඇතැම් අවස්ථාවල උද්ගත වන ජනන ඌනතා හේතුවෙන් මුළු පද්ධතියම බිඳ වැටීමට ලක්වන හෙයින් සුළු ඌනතා අවස්ථා මඟහැරවීම සඳහා බහලුම්වල ඇසුරුම් කළ ඩීසල් ජෙනරේටර් යන්ත්‍ර 50ක් මිල දී ගැනීමට එම මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත. එසේම ඒ සඳහා අවශ්‍ය බහලුම්වල ඇසුරුම් කළ ට්‍රාන්ස්ෆෝමර් ඒකක 25ක් හා ඩීසල් ඉන්ධන ටැංකි 25ක් ද මිල දී ගැනීමට තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉහත සඳහන් ටෙන්ඩරය M/s Sterling and Wilson Private Ltd., India වෙත ප්‍රදානය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත බලය ලබා දීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.