• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුත්තලම ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු හදිසි අවස්ථා මිල දී ගැනීම් (Spot Tender) යටතේ මිල දී ගැනීම
- පුත්තලම ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා කඩිනමින් අවශ්‍ය ගල් අඟුරු, ක්ෂණික මිල දී ගැනීම් ක්‍රමවේදය යටතේ මිල දී ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව, ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 91.85ක් බැගින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක් සපයා ගැනීම පිණිස වූ ටෙන්ඩරය, සිංගප්පූරුවේ M/s Swiss Singapore Overseas Enterprises Pte Ltd. වෙත පිරිනැමීමට අදාළව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.