• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම
- හදිසි අනතුරු හා වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු රෝගීන් සඳහා පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් 2015 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු යටතේ ලබා දෙන ලද ප්‍රතිපාදන යොදාගනිමින් යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ පළමුවන අදියරේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් මේ වන විට එම කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, එහි දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු ද මේ සමඟම ආරම්භ කළ යුතුව ඇත.

ඒ අනුව, යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියරෙහි ඉදි කිරීම් කටයුතු, 'සැලසුම් කර ඉදි කර දීමේ' (Design and Build) පදනම මත, රුපියල් මිලියන 1,359.35ක බදු සහිත මුදලකට, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) හා සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් (CESL) යන ආයතන වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.