• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව මැතිවරණ ක්‍රමය සහ ඒ තුළ කාන්තා නියෝජනය පිළිබඳව මහජනතාව සහ සිවිල් සංවිධාන දැනුම්වත් කිරීමේ වැඩසටහන
- 2017 අංක 16 දරන පළාත් පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මඟින් සියලු පළාත් පාලන ආයතනවල නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික පදනම සකස් කරනු ලැබ ඇත. එම සංශෝධන මඟින්‍ කොට්ඨාසයට වගකිව යුතු මන්ත්‍රීවරයෙකු බිහි කිරීමත්, සමානුපාතික නියෝජනය සහතික කිරීමත් සිදුවී ඇත. එසේ වුවද, මෙම සංශෝධන පිළිබඳව මහජන අවබෝධය තවමත් ප්‍රමාණවත් මට්ටමක නොපවතින බව පෙනී ගොස් ඇත. ඒ අනුව, පළාත් පාලන මැතිවරණ ක්‍රමයට සිදු කරන ලද සංශෝධන මඟින් හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය සහ එමඟින් අපේක්ෂිත කාන්තා නියෝජනය සහතික කිරීම පිළිබඳව මහජනතාව සහ සිවිල් සංවිධාන දැනුම්වත් කිරීමේ කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා; පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා; කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.