• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඒකාබද්ධ මුද්දර නිකුත් කිරීම් වලට අදාළව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ විදේශීය තැපැල් ආයතන අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම
- ශ්‍රී ලංකාව විසින් රුසියානු සමූහාණ්ඩුව සහ නේපාලය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කරනු ලැබ වසර 60ක් සැපිරීම සහ කොරියානු ජනරජය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කරනු ලැබ වසර 40ක් සැපිරීම සැමරීම සඳහා සමරු මුද්දර නිකුත් කිරීමට තීරණය කර තිබේ. මෙම සමරු මුද්දර නිර්මාණය කිරීම, ශ්‍රී ලංකාව සහ නේපාලය අතර දෙරටෙහි බෞද්ධ සිද්ධස්ථාන පදනම් කරගනිමින් ද ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර දෙරටෙහි සංස්කෘතික නර්තනයන් පදනම් කරගනිමින් ද ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර ශ්‍රී ලංකාවේ ලෙන් විහාර හා රුසියාවේ එබඳු පූජනීය ස්ථානද පදනම් කරගනිමින් ද සිදු කිරීමට නියමිතය. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව සහ එම එක් එක් රටවල අදාළ තැපැල් ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.