• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රැකියා නියුක්ති බලපත්‍ර ක්‍රමය (EPS) යටතේ සේවකයින් යැවීම සඳහා කොරියානු ජනරජය සමඟ අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් සඳහා කොරියානු ජනරජයේ රැකියා ලබා දීමේ ක්‍රියාවලියෙහි පාරදෘශ්‍යභාවය හා කාර්යක්ෂමතාව වැඩි කිරීමට සහ දෙරට අතර සහයෝගිතාව සඳහා යෝග්‍ය වැඩපිළිවෙළක් පවත්වාගෙන යාම පිණිස රැකියා බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීමේ අරමුණින් කොරියානු ජනරජ‍යේ රැකියා හා කම්කරු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ රැකියා අමාත්‍යාංශය අතර වසර දෙකක කාල පරිච්ඡේදයක් සඳහා 2015 වසරේදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම, වඩාත් පාරදෘශ්‍යව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා තවත් වසර ‍02කට දීර්ඝ කිරීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.