• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව තුළ දූෂණය මැඬ ලීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සම්මත කිරීම
- අල්ලස් හා දූෂණ විරෝධී ආයතන සවිබල ගැන්වීම, රටතුළ ජාතික ඒකාබද්ධතාව නංවා ලීම සඳහා වන රජයේ සමස්ත වැඩසටහන ඵලදායී ලෙස සම්බන්ධීකරණය, වංචාව, අල්ලස සහ දූෂණය මැඬ ලීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ අල්ලස හා දූෂණය නිසා ශ්‍රී ලාංකික සමාජය මත ඇතිවන අසුභවාදී බලපෑම පිළිබඳ මහජන අවබෝධය නංවා ලීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ දූෂණය මැඬ ලීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක්, අදාළ නියෝජිත ආයතනවල උපදෙස් ලබා ගනිමින් සම්පාදනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.