• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කලුඔයේ ද්‍රෝණිය සඳහා වැසිජල අපවහන සහ පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- ගම්පහ දිස්ත්‍රික්කයේ කලුඔය ද්‍රෝණිය අනාගත නාගරික සංවර්ධන කටයුතු සඳහා ඉඩකඩක් පවතින ප්‍රමුඛතා ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එම ද්‍රෝණිය සඳහා වැසිජල අපවහන සහ පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් 2018 - 2022 වසර 05ක කාලය තුළ සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කර තිබේ. එම ව්‍යාපෘතිය විදේශාධාර යටතේ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දෙන ලදී.