• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලේඛනය ස්ථාපිත කිරීම පිණිස වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම
- එක් එක් විශේෂඥතා සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වෙන වෙනම ලියාපදිංචි කිරීමේ ලේඛන පවත්වාගෙන යාම පොදු ජනතාවට වඩාත් ආරක්ෂිත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම පිණිස වන අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් ලෙස සැලකේ. මෙම කරුණ සැලකිල්ලට ගෙන රෝගී සත්කාරක සේවාවන්හි ගුණාත්මකභාවය පවත්වා ගැනීමේ අරමුණින්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලේඛනයක් (Specialist Register) පිළියෙල කිරීම සඳහා වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව සකස් කරනු ලැබ ඇති වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.