• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගංවතුර ආපදා හේතුවෙන් වෙනත් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කළ යුතු පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීම
- නායයාම් අධි අවදානම් කලාපවල ජීවත්වන, ආරක්ෂිත ස්ථානයක නැවත පදිංචි කළ යුතු බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගනු ලැබ ඇති පවුල් 14,860ක් සඳහා ස්ථිර නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, මේ වන විට එම වැඩසටහන දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් ක්‍රියාත්මක කෙරෙමින් පවතියි. එකී වැඩසටහනට අමතරව, 2017 වර්ෂයේ ඇති වූ ගංවතුර ආපදා හේතුවෙන් තම නිවාස පූර්ණ හානියට පත් වීමෙන් වෙනත් ආරක්ෂිත ස්ථානයක නැවත පදිංචි කළ යුතු පවුල් සඳහා ඉහත සඳහන් වැඩසටහන ක්‍රියාත්මක කළ පදනම යටතේම නිවාස ලබා දීම යෝග්‍ය බව දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. ඒ අනුව ගංවතුර අධි අවදානම් කලාප වල පදිංචි නිවාස හානියට පත් වූ දිස්ත්‍රික්ක 05ක වෙසෙන පවුල් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීම සඳහා නිවාස 1,122ක් ඉදි කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.