• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වත්තේගම සමෘද්ධි ප්‍රජාමූල බැංකු ගොඩනැඟිල්ල ඉදි කිරීම
- සමෘද්ධි මහා සංගම් 332ක් සහ සමෘද්ධි ප්‍රජාමූල බැංකු ශාඛා 1,074ක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වේ. මෙම ‍බැංකු ශාඛා පවත්වා ගෙන යනු ලබන ගොඩනැඟිලිවල පහසුකම් වැඩිදියුණු කිරීම කාලීන අවශ්‍යතාවක්ව තිබේ. ප්‍රවේශ වීමට ඉතා අපහසු ස්ථානයක පිහිටි, විවිධ අඩුපාඩුකම් මධ්‍යයේ දැනට පවත්වා ගෙන යනු ලබන මහනුවර, වත්තේගම සමෘද්ධි ප්‍රජාමූල බැංකුව, ජනතාවට පහසුවෙන් සේවය සැලසිය හැකි ස්ථානයක සථාපනය කිරීමට මේ යටතේ යෝජනා වී තිබේ. ඒ සඳහා වත්තේගම පිහිටි පර්චස් 20ක පමණ ප්‍රමාණයෙන් යුතු රජයේ ඉඩම් කොටසක්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.