• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම
- කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ක්‍රමය විදේශීය අරමුදල් සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එසේ වුවද, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම මත පාතහේවාහැට හා කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මාන 14ක ජීවත් වන පවුල් 6,000ක පමණ පිරිසක් ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති වීම නිසා මුහුණ දී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සමෘද්ධි ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල් රැසක් ජීවත් වන අනුරගම, පුබුදුගම, මුදුණකඩේ ඇතුළු ගම්මාන 14ක ජනතාවගේ ජල අවශ්‍යතා සපුරා ලීම සඳහා, පොදු සංවර්ධන කටයුතු වෙනුවෙන් ගොඩ නඟා ඇති සමෘද්ධි සංවර්ධන අරමුදලේ මුදල් යොදවා ගනිමින්, කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.