• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ නේපාලයේ විදේශ කටයුතු ආයතනය (IFA) අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
- ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ රාජ්‍යතාන්ත්‍රික, විදේශ ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර සබඳතා යන අංශයන්හි නිලධාරින්ට හා එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තොරතුරු, විශේෂඥ දැනුම හා පුහුණු වැඩසටහන් හුවමාරු කරගැනීමට අවස්ථාව සලසමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ නේපාලයේ විදේශ කටයුතු ආයතනය (IFA) අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් පුළුල් කර ලීමටත්, දෙරටේ නැඟී එන නායකයින්, නිලධාරින් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර අන්තර් සබඳතා ගොඩනඟා ගැනීමටත් මෙමඟින් ඉඩ සැලසෙනු ඇත. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීමටත්, ඉන් අනතුරුව එම ගිවිසුම ඵලදායීව ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය පියවර ගැනීමටත් විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.