• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලයේ (Secretariat for Coordinating Reconciliation Mechanisms -SCRM ) කාලය දීර්ඝ කිරීම
- ශ්‍රී ලංකාවේ සංහිඳියාව හා සම්බන්ධ තීරණ වැඩසටහන් හා ක්‍රියාවලි ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලය (SCRM) 2015 වර්ෂයේ සිට වර්ෂ දෙකක කාලසීමාවක් සඳහා පිහිටුවන ලදී. අදාළ අමාත්‍යාංශ හා අනෙකුත් රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සමාජය ආදී පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණය කරමින් සහ සංහිඳියා ක්‍රියාදාමයන්ට පහසුකම් සැලසීම මඟින් එම කාර්යාලය සිය කාර්යභාරය ඉටු කරමින් සිටියි.

සංහිඳියාව ගොඩනැංවීම සඳහා මෙරට සාමාන්‍ය ජනතාව දැනුම්වත් කරමින් සැලසුම්ගත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, එම කාර්යාලයේ කාලසීමාව 2019‑03‑31 දින දක්වා දීර්ඝ කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.