• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජල සම්පාදන හා අපජල කළමනාකරණ ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර ජල සම්පාදන හා අපජල කළමනාකරණ ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. මෙම ගිවිසුම යටතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම, ආරච්ච්කට්ටුව, මහකුඹුක්කඩවල හා මුන්දලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජිත පුත්තලම දකුණු නගර ජල සම්පාදන ව්‍යාපෘතිය සහ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබා දීමට කටාර් රාජ්‍යය ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව, නුදුරු දිනකදී අතිගරු ජනාධිපතිතුමා විසින් කටාර් රාජ්‍යයේ සිදු කිරීමට නියමිත නිල සංචාරය අතරතුරදී ඉහත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.