• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය තාන්ත්‍රික පුහුණුව හා පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා කටාර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
- ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1976 වර්ෂයේදී ආරම්භ කරනු ලැබ ඇති අතර, පසුව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එම සබඳතා ශක්තිමත් කර ගනු ලැබ තිබේ. රාජ්‍ය තාන්ත්‍රික පුහුණු, පර්යේෂණ හා අධ්‍යයන වැඩසටහන් ඒකාබද්ධව පැවැත්වීමේ අරමුණින් දෙරට අතර නව අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී තිබේ. නුදුරු දිනකදී අතිගරු ජනාධිපතිතුමා විසින් කටාර් රාජ්‍යයේ සිදු කිරීමට නියමිත නිල සංචාරය අතරතුරදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික පුහුණුව හා පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.