• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආපදා කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම
- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගයේ කැනීම් සිදු කිරීමේදී ඇති වී තිබෙන ජල කාන්දුව නිසා බලපෑමට ලක්ව ඇති ප්‍රදේශයේ තත්ත්වය ඉදිරි ඊසාන දිග මෝසම් වර්ෂා සමය තුළ මැනවින් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පෙනී ගොස් තිබේ. ඒ සඳහා විශේෂ පූර්ව සූදානම් ආපදා කළමනාකරණ සැලැස්මක් ඉදිරි මාස තුනක කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, බණ්ඩාරවෙල, ඇල්ල හා වැලිමඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිරි වර්ෂා සමයේ නායයාම් අවදානමට ලක් විය හැකි ග්‍රාම නිලධාරි කොට්ඨාසවල නායයාම් අවදානම් තත්ත්වයන් කල් ඇතිව හඳුනාගනිමින් එම ස්ථාන නිරන්තර අධීක්ෂණයකට ලක් කිරීමට සහ හදිසි ආපදා තත්ත්වයක් උද්ගත වුවහොත් ඒ සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට හැකි වන පරිදි විශේෂ ආපදා කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටත්, එම කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ ආපදා කළමනාකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බණ්ඩාවෙල නගරය ආශ්‍රිතව ස්ථාපනය කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.