• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බත්තල් මත ඉදි කරන ලද තාප විදුලි බලාගාරය සඳහා සිලින්ඩර් ලිහිසි තෙල් සැපයීම සහ බෙදා හැරීම සඳහා වන ප්‍රසම්පාදනය
- ලංකා විදුලිබල මණ්ඩලය සතුව පවතින, බත්තල් මත ඉදි කරන ලද මෙගාවොට් 60ක තාප බලාගාරය විදුලි ජනන යන්ත්‍ර 4කින් සමන්විත වේ. මෙම විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉදිරි වර්ෂයක කාලසීමාව සඳහා සිලින්ඩර් ලිහිසි තෙල් ලීටර 750,000ක් සහ සිස්ටම් ලිහිසි තෙල් ලීටර 175,000ක් අවශ්‍ය වන බවට ගණන් බලා තිබේ. එම ලිහිසි තෙල් සැපයීම හා බෙදා හැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සිලින්ඩර ලිහිසි තෙල් ලීටරයක් රුපියල් 295.40ක් හා සිස්ටම් ලිහිසි තෙල් ලීටරයක් රුපියල් 253.83ක් බැගින් වන මුදලකට M/s. N.M. Distributors (Pvt.) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.