• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාකුඹුර, යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හා පරිසරය වැඩිදියුණු කිරීමේ කාර්යයන්
- කොළඹ අගනගර ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ සියලු ප්‍රවාහන අවශ්‍යතා එක්තැන් කොට මහජනතාවට පහසුකම් සැලසෙන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව - මාකුඹුර අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ආශ්‍රිත ප්‍රදේශය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. ඊට සමගාමීව එම ප්‍රදේශයේ වාණිජ, විනෝදාත්මක හා පාරිසරික වැඩිදියුණු කිරීම් සිදු කිරීමට යෝජනා වී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් භාවිත කරමින් මෙම සංවර්ධන කටයුතු ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ඉටු කරවාගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.