• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ යෝජිත වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදි කිරීම
- පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා රෝගී සත්කාරක සේවාවන් සපයනු ලබන විශාලතම රෝහල හලාවත දිස්ත්‍රික් මහ රෝහල වේ. දැනට ඇඳන් 88කින් සමන්විත වන එම රෝහලේ වෛද්‍ය වාට්ටු ඒකකය, වැඩි රෝගීන් සංඛ්‍යාවකට පහසුකම් සැලසිය හැකි වන පරිදි වැඩිදියුණු කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, මෙම කාර්යය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, යෝජිත වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 583ක මුදලකට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.