• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාගම පුනරුත්ථාපන රෝහලේ නව සායන ගොඩනැඟිල්ල ඉදි කිරීම
- පුනරුත්ථාපන ප්‍රතිකාර වෙනුවෙන්ම සංවර්ධනය කරනු ලැබ ඇති දිවයිනේ එකම ආයතනය වන රාගම පුනරුත්ථාපන රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස නව සායන ගොඩනැඟිල්ල ඉදි කිරීමට යෝජනා වී තිබේ. එම ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි , රුපියල් මිලියන 195ක මුදලකට M/s. Link Engineering (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.