• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතුකර ප්‍රජාව සඳහා ඉඩම් හිමිකාරිත්වය සහ සුදුසු නිවාස ලබා දීම
- වතු ආශ්‍රිතව ලයින් කාමරවල ජීවත්වන ජනතාවට නිරවුල් ඔප්පු සහිත නිවාස පහසුකම් ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ විවිධ නිවාස ව්‍යාපෘති කීපයක් මඟින් අදාළ ප්‍රතිලාභීන් වෙත මේ වසර අවසන් වන විට නිවාස ලබා දීමට ‍අපේක්ෂා කෙරේ.

ඒ අනුව, 'හරිත රන්' නිවාස වැඩසටහන යටතේ ඉදි කෙරෙන නිවාස 2,551ක්, 2017 වර්ෂයේ ආපදා හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා ඉන්දියානු ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ නිවාස 1,134ක් සහ 2015 වර්ෂයේ ආපදා බලපෑම හේතුවෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් වෙත තාවකාලික භුක්තිය යටතේ මීරියබැද්ද නිවාස ව්‍යාපෘතියෙන් ලබා දී ඇති නිවාස 75ක් සඳහා හිමිකම් ඔප්පු ලබා දීමට සැලසුම් කර තිබේ. එම හිමිකම් ඔප්පු නිකුත් කිරීම සඳහා අදාළ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වන ඉඩම් කොටස් ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙතින් නිදහස් කරගැනීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.