• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1971 අංක 52 දරන වෙළඳ නැව් පනත යටතේ පනවනු ලබන කුඩා වාණිජ යාත්‍රා නියාමනය කිරීමේ නියෝග
- සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමඟ වෙරළාසන්න මගී ප්‍රවාහන හා විනෝදාත්මක කටයුතු සඳහා කුඩා ප්‍රමාණයේ යාත්‍රා යොදාගැනීමේ විශාල නැඹුරුවක් ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබේ. මෙම කුඩා වෙළඳ යාත්‍රා ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම විධිමත් කිරීමේ අරමුණින්, 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත යටතේ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති '2017 වෙළඳ නැව් (කුඩා වාණිජ යාත්‍රා) නියෝග' ඇතුළත් අංක 2017/31 දරන 2017-05-04 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.