• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ මෙහෙයුම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථ‍ාපිත කිරීම
- දේශගුණ විපර්යාස හා වැඩිවන ජනගහනය වැනි අභියෝග හමුවේ ආහාර අවශ්‍යතා සපුරා ලීම සඳහා වී නිෂ්පාදනය තවදුරටත් වැඩි කළ යුතු වුවත්, ඒ සඳහා වී වගා කරන භූමි ප්‍රමාණය වැඩි කිරීම තවදුරටත් ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු වේ. එබැවින් පර්යේෂණ හා නව තාක්ෂණික ක්‍රම භාවිතය මඟින් වී නිෂ්පාදනය ඉහළ නැංවීමත්, අස්වැන්නේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමත් අනිවාර්ය අවශ්‍යතාවන් වී තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම ලබාගැනීමේදී මූලස්ථානය පිලිපීනයේ පිහිටුවා ඇති, ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (International Rice Research Institution) විසින් ඉහළ දායකත්වයක් ලබා දී තිබේ. අනාගත වී ගොවිතැන හා සම්බන්ධ පර්යේෂණ හා පුහුණු වැඩසටහන් තවදුරටත් ඵලදායීව සිදු කිරීම සඳහා එම ආයතනයේ මෙහෙයුම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ බතලගොඩ ප්‍රදේශයේ පිහිටි වී පර්යේෂණ ආයතනයේ ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ලංකාවේ වී පර්යේෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.