• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ කුඩා පරිමාණ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම - අදියර II
- සූර්යබල සංග්‍රාමය වැඩසටහනේ පළමු අදියර යටතේ මෙගාවොට් 01 බැගින් වන සූර්ය බලාගාර 60ක් ස්ථාපනය කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ ඇති අතර, ඒ සදහා ඉදිරිපත්ව ඇති යෝජනා ඇගයීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එහි දෙවන අදියර යටතේ මෙගාවොට් 01 බැගින් වන සූර්ය බලාගාර ව්‍යාපෘති 90ක් සඳහා අවස්ථාව ලබා දිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් තහවුරු කරනු ලැබ තිබේ.

මේ සඳහා ආයෝජකයින් වෙතින් යෝජනා කැඳවීමේදී, පළමු අදියරේදී ඒ සඳහා අනුගමනය කරන ලද නිර්ණායක සමාලෝචනය කර වඩා වැඩි තරගකාරිත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සහිතව දෙවන අදියරේ ව්‍යාපෘති 90 සඳහා යෝජනා කැඳවීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.