• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෑලියගොඩ කසළ රැස් කිරීමේ ඉඩම සංවර්ධනය කිරීම
- දැනට ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා භාවිතා කරනු ලබන, නාගරික සංවර්ධන අධිකාරියට අයත්, පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි අධික වෙළඳපොළ වටිනාකමකින් යුත්, ප්‍රමාණයෙන් අක්කර 07කට අධික භූමි භාගය සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට යෝජනා වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහාය ඇතිව එම භූමි භාගය විධිමත් පරිදි පුරවා අවට කලාපය තුළ වැසි ජල අපවහන පද්ධතියක් සකස් කිරීම මඟින් සංවර්ධනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.