• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අංගොඩ, 'වෝක් අප්' (Walk Up) නිවාස සංකීර්ණය සඳහා යටිතල පහසුකම් සැපයීමට අමතර ඉඩම් කොටසක් පවරා ගැනීම
- කොළඹ නගරයේ අඩුපාඩුකම් සහිත ජනාවාසවල ජීවත්වන පදිංචිකරුවන් එම ස්ථානවලින් ඉවත් කර නැවත පදිංචි කිරීම සඳහා මහල් නිවාස ඉදි කිරීම 'නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය' මඟින් සිදු කෙරේ. එම ව්‍යාපෘතියේ පළමු පියවර යටතේ කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල ස්ථාන 12ක නිවාස ඒකක 6,000ක් මේ වන විට ඉදි කරනු ලැබ තිබේ.

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ අංගොඩ ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින නිවාස ඒකක 500කින් යුත් මහල් නිවාස සංකීර්ණය සඳහා මලාපවහන පවිත්‍රාගාරයක් ඉදි කිරීම සඳහා ඊට යාබදව පිහිටි රජයට අයත් අතිරේක ඉඩම් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.