• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොදු වෙළඳ සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීම
- බස්නාහිර පළාතේ ප්‍රධාන නගරවල නගර මධ්‍යයේ පිහිටා ඇති, සැලකිය යුතු භූමි ප්‍රමාණයක් භාවිත කරමින් දශක ගණනාවකට පෙර ඉදි කරනු ලැබ ඇති, පොදු වෙළෙඳ සංකීර්ණවලින් වැඩි ප්‍රමාණයක් ඉතා නොදියුණු හා අබලන් තත්ත්වයේ පවතින බව හඳුනාගනු ලැබ තිබේ. පළාත් පාලන ආයතන මඟින් පාලනය වන මෙම වෙළඳ සංකීර්ණ, වාණිජ ඉඩකඩ සපුරා ලීම සඳහා වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණයන්ට බඳුන් කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, නුගේගොඩ, මහරගම, දෙහිවල, ගල්කිස්ස, මොරටුව හා කටුබැද්ද යන නගරවල පිහිටි පොදු වෙළෙඳ සංකීර්ණ නවීන හා අංගසම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය හා අදාළ පළාත් පාලන ආයතන එක්ව විධිමත් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.