• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැලසීම
- දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් තම ජීවනෝපාය අහිමිවීමෙන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව ඇති පවුල් සඳහා වියළි සලාකයක් ලබා දීමේ වැඩසටහන රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මේ යටතේ නියඟයෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක 19ක පවුල් 740,000ක් සඳහා වියළි සලාකය ලබා දීම සිදු කරනු ලැබ තිබේ. දිස්ත්‍රික්ක කිහිපයකට පසුගිය දිනවල සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබුණද, දැඩි වියළි කාලගුණික තත්ත්වයක් පවතින ප්‍රදේශවල එම තත්ත්වය පහව යාමට තරම් එම වර්ෂාව ප්‍රමාණවත් නොවන බව පෙනී‍ ගොස් ඇති අතර, නියඟයෙන් බලපෑමට ලක් වූ පවුල්වලට සිය ජීවනෝපායයන් යළි ගොඩ නඟාගැනීමට ද සැලකිය යුතු කාලයක් ගතවනු ඇත.

ඒ අනුව, එම පවුල් සඳහා දැනට ලබා දෙනු ලබන වියළි සලාකය තවදුරටත් ලබා දීමටත්, මෙම කාර්යය සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.