• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරුණ සංවර්ධනයට අදාළව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- තරුණ සංවර්ධනයෙහි ලා ප්‍රමුඛතාව ලබා දිය යුතු අංග කෙරෙහි අවධානය යොමු කරමින් දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම, දෙරටේ තරුණ - තරුණියන්ට නායකත්ව, පෞරුෂ සංවර්ධන සහ නිපුණතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, තරුණ සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දෙරටේ තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම, තරුණ ස්වේච්ඡා කණ්ඩායම් දෙරට අතර හුවමාරු කරගැනීම ආදී ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව හා නේපාලය අතර තරුණ සංවර්ධන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.