• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- දරිද්‍රතාවෙන් පීඩා විඳින ජනතාවගේ නිවාස ගැටලු විසඳීම සඳහා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන නමින් පුළුල් වැඩසටහනක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලැබේ. එම වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි ආදර්ශ ගම්මාන 25ක නිවාස 600ක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 300ක මූල්‍යාධාරයක් ඉන්දියානු රජය විසින් දැනටමත් ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතියේ ප්‍රගතිය අගයමින් නිවාස 600ක් තවදුරටත් ඉදි කිරීම පිණිස තවත් රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව, ඉන්දියානු රජය විසින් ලබා දෙනු ලබන රුපියල් මිලියන 300ක එම ප්‍රදානය උපයෝගී කරගනිමින් 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ, ඉතා පහළ ආදායම් ලබන තවත් පවුල් 600ක් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඉන්දියානු රජය සමඟ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට එළඹීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.