• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) විසින් සහල් ආනයනය කිරීම
- 2017 වර්ෂයේ යල කන්නයේ අපේක්ෂිත සහල් නිෂ්පාදනය 50%කින් පමණ අඩු වී තිබේ. එබැවින් 2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා වෙළඳ පොළේ සහල් අවශ්‍යතාව සපුරා ලීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 500,000ක් සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) මඟින් ආනයනය කිරීමට තීරණය කරනු ලැබ තිබේ. මෙයින් මෙට්‍රික් ටොන් 100,000ක් දැනටමත් ඉන්දියාවෙන් ඇණවුම් කරනු ලැබ ඇති අතර, ඉතිරි අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 400,000ක සහල් ප්‍රමාණය කඩිනමින් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා; මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා; ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.