• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෛද්‍ය පරීක්ෂණ අත්වැසුම් සහ ශල්‍යාගාර අත්වැසුම් මිල දී ගැනීම
- වෛද්‍ය පරීක්ෂණවලදී භාවිත කරනු ලබන රබර් අත්වැසුම් යුගල මිලියන 92ක් කුඩා, මධ්‍යම හා විශාල ප්‍රමාණයන්ගෙන් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 482කටද, ශල්‍යකර්ම වලදී භාවිත කරනු ලබන විෂබීජහරණය කරන ලද ශල්‍යාගාර රබර් අත්වැසුම් යුගල මිලියන 31ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1,196ක මුදලකටද, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, Sisili Project Consortium (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය(වෛද්‍ය)රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.