• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුධිර පරීක්ෂා සඳහා යොදා ගනු ලබන න්‍යෂ්ටික අම්ල පරීක්ෂක ප්‍රතිකාරක 400,000ක් මිල දී ගැනීම
- ජාතික රුධිර පාරවිලයන සේවය සඳහා රුධිර දායකයින් විසින් ලබා දෙනු ලබන රුධිරය තුළ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) හා හෙපටයිටීස් බී හා සී කාණ්ඩයන්හි වෛරස අන්තර්ගත වී නොමැති බව තහවුරු කරගැනීම සඳහා භාවිත කරනු ලබන න්‍යෂ්ටික අම්ල ප්‍රතිකාරක 400,000ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 5.94ක මුදලකට M/s. Apcot Marketing (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.