• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර මහ රෝ‍හලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය වැඩිදියුණු කිරීම
- කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රෝහල වන කළුතර මහ රෝහල මඟින් අගලවත්ත, බුලත්සිංහල, හොරණ, බණ්ඩාරගම, කළුතර, මතුගම සහ බේරුවල යන ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාව වෙත රෝගී සත්කාරක සේවාවන් සැපයීමේදී ඉමහත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. නේවාසික රෝගීන් සදහා වඩා වැඩි ඉඩ පහසුකම් සැපයීම අරමුණු කරගනිමින්, එම රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මහල් 07කින් යුත් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී තිබේ.

මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 2,817ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය‍ට හා ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.