• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය
- 'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙන පොළොන්නරුව ප්‍රදේශයේ නැ‍ඟෙනහිර නගර ප්‍රදේශය ඇතුළත්වන පරිදි නව ජල සම්පාදන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලැබී තිබේ. මෙමඟින් වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව, ලංකාපුර, හිඟුරක්ගොඩ සහ ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි 262,481ක් පමණ වූ ජනතාවට සෞඛාරක්ෂිත පානීය ජලය සැපයීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 354ක මුදලකට M/s. China Harbour Engineering Company Ltd. වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.