• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ සහ රුහුණ විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපනය කිරීම සදහා වූ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 1,801ක මුදලකට M/s. International Construction Consortium (Pvt.) Ltd. වෙතද, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා විභාග ශාලාවක්, සායනික විශිෂ්ටතා මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් සහ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහිත මහල් 12කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සදහා වූ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 850ක මුදලකට M/s. Link Engineering (Pvt.) Ltd. වෙතද පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.