• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර, සමන් දේවාලය සංවර්ධනය කිරීම
- බැතිමතුන් විශාල පිරිසක් දිනපතා පැමිණෙන රත්නපුර මහ සමන් දේවාලයේ වහලවල හා අනෙකුත් ගොඩනැඟිලිවල දිරාපත් වී ඇති කොටස් කඩිනමින් පිළිසකර කළ යුතුව ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතන විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබේ. එම දේවාලයේ පෞරාණික බව ආරක්ෂා වන පරිදි එම අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.