• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික තරුණ මෘදුකාංග තරඟාවලිය - 2017 - 2019
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ සමාජයේ සැමට ලබා දීම සඳහා නවෝත්පාදන විසඳුම් නිර්මාණය කිරීම පිණිස තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් තරුණයින් අතර මෘදුකාංග තරගාවලියක් පැවැත්වීමට යෝජනා වී තිබේ. ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබයි.

මේ යටතේ, සංවර්ධන අභියෝග සඳහා විසඳුම් වශයෙන් යොදා ගත හැකි මෘදුකාංග නිර්මාණය කිරීම සඳහා පළාත් මට්ටමින් තරගාවලි 03ක් පැවැත්වීමට නියමිත අතර, ඉන් තෝරා ගනු ලබන ජයග්‍රාහකයින්ට ඊට අදාළ ව්‍යවසායයන් ආරම්භ කිරීම සඳහා අනුග්‍රහය ලබා දෙනු ඇත. ඒ අනුව යෝජිත තරුණ මෘදුකාංග තරගාවලිය 2017-2019 කාලසීමාව තුළ පැවැත්වීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.